IOC පිරවුම්හල් වෙත සති අන්තයේදී ඉන්ධන බෙදා හැරීම නවතියි

ලංකා IOC සමාගම සති අන්තයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් පර්යන්තය අද (08), හෙට (09) සහ ඉරිදා (10) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි.

ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම 11 වනදා සිට ආරම්භ කරන බවයි.

POPULAR

Recent articles