21 ගැන අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

21වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මීට පෙරත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින් මීට සහභාගී වීමට නියමිත අතර එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

POPULAR

Recent articles