ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලයි

ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉල්ලිම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මේ බව සඳහන් කර සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව පසුගියදා ඉන්දියාව සමඟද ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සත් තැබුවා.

POPULAR

Recent articles