වෙඩි වැදුණු හිටපු ජපාන අගමැති ජීවිතක්ෂයට පත්වෙයි

වෙඩි ප්‍රහාරයක් එල්ල වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුට මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ, නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහුගේ පපුවට වෙඩි වැදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles