“ධීවර ප්‍රශ්නය නිසා ඉන්දියාවේ හොඳ හිත පළුදු කරගන්න බෑ” – විදේශ ඇමැති

ධීවර ප්‍රශ්නය මුල්කරගනිමින් ඉන්දියාවේ හොඳ හිත පළුදු කරගත නොහැකි බවත් දෙපාර්ශ්වයේම හොඳ හිත පවත්වාගෙන යමින් මේ ගැටලුව විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් විදේශ ඇමැති ජී.එල්.පීරිස් පවසනවා.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවරයන් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ධීවර සමිති පාර්ශ්වයෙන් සාකච්ඡා ආරම්භ කරන බවයි. මේ ගැටලුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය වුවද එය දිගුකාලීන විසඳුමක් විය යුතු බවයි ඇමතිවරයා කියා ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා දෙරට අතර සම්බන්ධතා පවත්වා ගැනීමේදී ධීවර ගැටලුව තීරණාත්මක බව ද ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles