රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රැකියාවලට යොමු කිරීමට අවධානය

රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ සඳහන් කර සිටියේ වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි.‍

මෙම කමිටුවට සාමාජිකයින් 7 කු ඇතුළත් වනවා.

සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

POPULAR

Recent articles