“එක කැබිනට්ටුව තුළ සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගතයි” – දිලිත් ජයවීර

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සම්බන්ධ මාධ්‍ය ජාලා විසින් තමන්ට මඩ ගසන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසනවා.

හොඳ මනුස්සයෙක් ලෙස තමන් තවමත් ආදරය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනපේක්ෂිත ලෙස පවුලේ පාලනයට නතු වූ බවද පවසන දිලිත් ජයවීර එක කැබිනට්ටුව තුළ සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගත තත්ත්වයක් බව කියනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමනට පිටුපෑවා යැයි තමන් පෞද්ගලිකව නොසිතන නමුත් ඔහු රටට මේ මොහොතේ පිටුපා ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු පවසනවා.

POPULAR

Recent articles