“පාස්කු ප්‍රහාරය පිළබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරන්න බෑ” – පාර්ලිමේන්තුව කාදිනල් හිමිට දැනුම් දෙයි

පාස්කු ඉරිදා දින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි බව පවසන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නිවේදනයේ සඳහන් වෙන්නේ ඒ බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.

එම වෙළුම් ලබාදෙන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පාර්ලිමේන්තු‍වේ සභානායක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූණා.

ඊට ප්‍රතිචාරයක් ලෙස ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත්, එය පොදුජන පරිහරණය සඳහා සභාගත කර නොමැති බවත් දැනුම් දී ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles