රැවුල නැතිනම් ඇෆ්ගනිස්තාන රජයේ සේවකයන් සේවයෙන් නෙරපයි

මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබෙනවා.

ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් රජයේ ‘ශීල ප්‍රචාරණය හා දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ශීල ප්‍රචාරණය හා දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ යනු ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත් යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමත්‍යාංශයක් බව තලේබාන් රජය පැහැදිලි කර තිබෙනවා.

ඊයේ (28) සිට කාබුල් අගනුවර අමත්‍යංශවල රාජ්‍ය සේවකයන් රුවුල වවා තිබෙනවාද නැද්ද යන්න සෙවීමට නිලධාරීන් කණ්ඩායම් යෙදවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles