“ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරනවා” – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්

දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය ඉදිරි සති 6 ඇතුළත සම්පුර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන්නේ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට ලැබී ඇති බවයි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටම පවතින බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් ඖෂධ වර්ග 186 ක හිඟයක් ඇති බවයි.

එම ඖෂධ වර්ග ද කඩිනමින් ගෙන්වා ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටිනවා.

POPULAR

Recent articles