ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ අහඹු සාම්පල පරික්ෂාවට යොමු කෙරෙන බවයි.

ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් ප්‍රභේදය සෑම වසරකම ජුනි, ජූලි, අගෝස්තු කාලසීමාවේදී සහ දෙසැම්බර්, ජනවාරී කාලසීමාවේදී වාර්තාවන බව ඔහු පෙන්වා දෙනවා.

කැස්ස, උණ හා සෙම්ප්‍රතිෂ්‍යාව එහි රෝග ලක්ෂණ වනවා.

ඇතැම් රෝගීන් නිවුමෝනියාවට ගොදුරුවිය හැකි බැවින් අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විමසිලිමත්වීම අතිශය වැදගත් බව, සමිත ගිනිගේ කියා සිටිනවා.

ඒ අනුව අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, අවුරුදු 2 ට අඩු දරුවන්, ගර්භණී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ අයෙකුට විවේකය අත්‍යවශ්‍ය බවයි.

POPULAR

Recent articles