අනුර කුමාර දිසානායක ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි !

අනුර කුමාර දිසානායක ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි !

ඇවන්ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාළ වන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කර තිබෙනවා .
ඇවන්ගාඩ් සභාපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවත් ඔහු සිදුකර ඇත්තේ රජය විසින් පවත්වාගෙන ගිය සේවාවක් පවරා ගැනීම පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

තවද එම කොමිසම විසින් කළ කැඳවීමට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද මෙහි දී අදහස් දක්වා සිටියා.

එම කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියන රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවත්, පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා ලිඛිත දැනුම් දීමක්ද කර තිබුණා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles