කටුනායක ගුවන් තොටුපලේ රන් මාවත විවෘත කෙරේ

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” (Gold Route) විවෘත කර තිබෙනවා.

මෙම “රන් මාවත” හඳුන්වා දී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහායි.

ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන හා සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

POPULAR

Recent articles