“පාස්කු ප්‍රහාර වාර්තාවේ ඉතා සංවේදී කරුණු ජනාධිපතිවරයා සතුයි” – රමේෂ් පතිරණ

පාස්කු දා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු ඉතා සංවේදී කරුණු ඇතුළත් තොරතුරු ප්‍රමණයක් ජනාධිපතිවරයා සතුව තිබනෙ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පවසනවා.

ජාතික ආරක්ෂාවට වැදගත්වන නිසා එම තොරතුරු ජනාධිපතිවරයා තබාගෙන සිටින අතර මහජනතාවට ප්‍රසිද්ධ කළ නොහැකි බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී රමේෂ් මහතා කියා සිටියා.

POPULAR

Recent articles