යුපුන් අබේකෝන් ලෝක මළල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබයි

ස්විස්ටර්ලන්තයේ පැවති Stockholm Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ කෙටි දුර ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරගයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ පැවති මෙම තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන් තරඟය තප්පර 10.21 කින් අවසන් කර තිබුණා.

මෙම තරගයේ පළමු ස්ථානය තත්පර 10.02ක කාලයකින් ඉසව්ව අවසන් කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Akani Simbine හට හිමි වෙද්දී තත්පර 10.15ක කාලයකින් තරගය අවසන් කළ Reece Prescod දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

කෙසේ වුවද යුපුන් අබේකෝන් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 42 වන්නා බවට පත් වෙමින් ලෝක මළල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles