ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ගැන UN ප්‍රතිචාර දක්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ක්‍රියාකාරිනියක වන Mary Lawlor (UN Special Rapporteur on Human Rights Defenders) ඊයේ (03) අත්අඩංගුවට ගත් ගුරු වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා.

ප්‍රකට මානව හිමිකම් ආරක්‍ෂක ජෝශප් ස්ටාලින් අද සවස 6 ට අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාව වෙතින් කැළඹෙන වාර්තා අසන්නට ලැබෙන බව ඇය පවසනවා. ජෝශප් වැනි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ක්‍රියාකාරිත්වයන් මෑත සතිවල වෙන කවරදාටත් වඩා වැදගත් වී ඇති අතර ඊට එරෙහිව දඬුවම් නොලබා සහාය විය යුතු බවයි ඇය කියන්නේ.

මීට වසරකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු කරද්දී පවසා සිටියේ ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු නොකරන ලෙසයි. එහිදී ඔහු පවසා සිටියේ ජෝශප් යනු ජාත්‍යන්තරය දන්නා ක්‍රියාකාරිකයෙකු නිසා එසේ කළහොත් මෙරටට ලැබෙන ආධාර පවා නොලැබෙනු ඇති බවයි.

POPULAR

Recent articles