“රෝහල් වලට ගියාම පුදුම වේදනාවක් ඇතිවෙනවා” – වරාය හා නාවික ඇමති

අත්‍යාවශ්‍ය සේවා වැඩවර්ජන පිලිබදව අධිකරණ ඇමතිවරයාගෙන් අවධානය යොමු කර තීන්දුවක් ගන්නා බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්දයෙන් අද (10දා) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළා.

“දැන් දින 3ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයක් යනවා. මේ වැඩ වර්ජනය තුල කවුද දුක් විදින්නේ? අහිංසක මිනිස්සු නොකා නොබී ඇවිල්ලා බෙහෙත් ටික ගන්න නෑ. ලේ කඳුලු අඩන්නේ. අඩලා කියනවා අනේ හෙන 7 ගහනවා මේ වැඩ වර්ජනය කරන අයට කියලා. ඇත්තටම හෙන 7 ගහන්න ඕනී. මේ රට ගෝලීය වසංගතයට මුහුණ දීලා තිබෙන වෙලාවේ ගුරුවරුන්ගේ වර්ජනයක් ඇති වෙලා අවුරුදු 24ක් ආණ්ඩු වලට කරන්න බැරි වුනු වැඩේදී ගුරුවරුන්ට පිළිතුරක් දීපු ගමන් ඒක පදනම් කරගෙන තව කෙනෙක් වැටුප් විෂමතාවයක් කියලා කියනකොට, මේ විදියට යන්න ගියොත් මොකක්ද සිදු වන්නේ? කාවද මොවුන් පළිහක් කරගෙන තිබෙන්නේ? මේ පළිහක් කරගෙන තිබෙන්නේ මේ රටේ අහිංසක රෝගී ජනතාව. රෝහල් වලට ගියාම පුදුම වේදනාවක් ඇතිවෙනවා.

මේවට නීති ගේන්න ඕනී. මේවා අත්‍යාවශ්‍ය සේවාවක්. වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒත් ඒකට ක්‍රමවේදයක් තිබෙන්න ඕනී. වෘත්තීය අයිතිවාසිකම් කියලා මිනිස්සුන්ව මරණවා. මිනිස්සු බෙහෙත් ගන්න බැරිව මැරෙනවා. මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙකුටම පුලුවන්ද පෞද්ගලික රෝහල් වලට ගිහින් බෙහෙත් ගන්න. ගන්න බෑ. අඩු ගානේ තෙතමනයක් නැද්ද මේ මිනිස්සුන්ට.

ඔවුන්ට තිබෙන්නේ වෙන කිසිදෙයක් නෙවෙයි ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී. මම අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්දයෙන් අවධානය යොමු කරන්න. මේ අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් මේ විදියට කරන්න ගත්තොත් මේ රටේ ජනතාවගේ ආනාගතය ගැන ප්‍රශ්නයක් එනවා. මේ වැරදී දේට කවුරු හරි තීන්දුවක් දෙන්න ඕනි.”ලෙස රෝහිත අබේගුණවර්ධන කියා සිටියා.

POPULAR

Recent articles