“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ මේ මස 25 වනදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙන විත් ඇති බව ලේකම්වරයා පෙන්වා දෙනවා.

එම සහල් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමට යටතේ යි.

නාඩු, සම්බා,සුදු කැකැළු සහල් එම තොගයට ඇතුළත් වනවා.

කෙසේ වුවද වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසන්නේ ඉන්ධන ගැටලුව හේතුවෙන් සහල් බෙදාහැරීමට බාධා මතුව ඇති බවයි.

POPULAR

Recent articles