දුම්වැටි අලෙවිය ඉහළට

2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ පෙර වසරට සාපේක්ෂව දුම්වැටි අලෙවි පරිමාව 5% කින් වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසනවා.

අදාළ කාර්තුව තුළ දී සමාගමේ පිරිවැටුම හා රජයේ බදු ආදායම 6% බැගින් ඉහළ ගොස් ඇති බව 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාවෙහි දැක්වෙනවා.

ඒ අනුව ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් බිලියන 37 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර එයින් රුපියල් බිලියන 27.84 ක් රජයේ බදු ලෙසත්, රුපියල් බිලියන 2.58 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇති අතර සමාගම උපයා ඇති බදු පසු ලාභය රු. බිලියන 4.18 ක් වනවා.

POPULAR

Recent articles