කොළඹ වරාය නගරය වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක්

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක් විවෘත කිරීමට මහ බැංකුවට උපදෙස් ලැබී තිබෙනවා.

විදෙස් ආයෝජන විදේශීය මුදල් ඒකකවලින් ගෙන්වා ගැනීමත්, රුපියල් ගනුදෙනුවක් මෙම ගිණුම හරහා සිදු නොවීමත් මෙම බැංකු ගිණුමේ ඇති විශේෂත්වය යි.

එය Colombo Port City Investment Account (CPCIA) නමින් හැඳින්වෙන බවයි කියන්නේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත යටතේ මෙම කටයුතු සිදු වන අතර මෙම ගිණුමට මුදල් බැර කළ හැක්කේ විදේශයන්ගෙන් පමණක් බවත් මහා බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles