කොරෝනා දෙවෙන රැල්ල ඇරඹුනා ද ?

කොරෝනා දෙවෙන රැල්ල ඇරඹුනා ද ?

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරටින් හඳුනාගත් ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වීමත් වීමත් සමඟ කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳව සමාජය තුළ අවධානමක් මතුව තිබෙනවා. ඊයේ දිනයේදී මෙරටින් නව ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගත් අතර වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අතුරින් රෝගීන් 127 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි අය වන අතර, ඉතිරි රෝගීන් දස දෙනා නාවික හමුදා සාමාජිකයන් වන බවයි. ඒ අනුව මේ වන විට කුවේට් සොට මෙරටට පැමිණි පුද්ගලයන් අතුරින් වෛරස ආසාදිතයින් 217 දෙනෙකු හඳුනාගෙන ඇති අතර නාවික හමුදාව තුළින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 638 ක්. ඒත් සමඟම මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 1319 ක් ලෙස දැක්වුණා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ වියට්නාමය භාවිතා කළ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් කොරෝනා සටන ජයග්‍රහණය කිරීමට රජය සමත් වූ බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles