“මෝල් හිමියන් හා මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි නව නීති සම්පාදනය කරනවා” – අගමැති

සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සහල් මෝල් හිමියන් මුහුණ දෙන මූල්‍ය ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී යි අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

සහල් මෝල් හිමියන්ට ණය ලබා දීමේදී රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ණය දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකු වලට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කීවෙි සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සඟවා ගැනීම් ද වාර්තා වන බවයි.

POPULAR

Recent articles