මෙරට කොරෝනා තත්වය කොයිබට ද ?

මෙරට කොරෝනා තත්වය කොයිබට ද ?

අද දිනයේදීත් නව කොරෝනා
අසාධිතයෙකු මෙරටින් වාර්තා වුණා. ඔහු ලංකාපුර
ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩල
සාමාජිකයෙකු වන අතර මීට පෙර කන්දකාඩු රැඳවුම්
මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා
ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු ලෙසයි
හඳුනාගෙන ඇත්තේ.

ඒත් සමඟම අද වන විට මෙරටින් වාර්තා වන
සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2811 දක්වා
ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් රෝගීන් 2333 ක්
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස්
ඇති අතර තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින
ආසාධිතයින් සංඛ්‍යාව 467 ක්. එසේම කොරෝනා
ආසාධිතයින් යැයි සැකකරන පුද්ගලයින් 80 ක් දැනට
රෝහල්වල විමර්ශනය යටතේ පසුවනවා. වෛද්‍ය
සුගත් සමරවීර මහතා පවසන්නේ රට තුළ කොරෝනා
රෝගීන් වාර්තා නොවීමේ තත්වය තුළ පරීක්ෂණ
තවත් පුළුල් කරමින් අගෝස්තු පළවන දා සිට නව
සැලැස්මක් යටතේ පීසීආර් පරීක්ෂණ සිදුකරන බවයි.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles