මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 09 වනදා සිදු වු සිද්ධියට අදාලව මොහු ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝගයක් නිකුත් කර තිබුණා.

එ අනුව මෙම සැකකරු අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

POPULAR

Recent articles