“පෝලිමේ ඉන්න එපා” – ලිට්‍රෝ සමාගම

අද (26) දිනයේත් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි සමාගම ඉල්ලා සිටින්නේ.

පසුගිය දින දෙකේදී ද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම මීට පෙර නිවේදනය කළා.

කෙසේ වුවද නවතම වාර්තා පවසන්නේ ඉක්මනින්ම ගෑස් මිල ඉහල දැමීමේ සැලසුමක් ඇති නිසා පවතින ගෑස් සිලින්ඩර් වෙළඳ පොළට නිකුත් නොකරන බවයි.

POPULAR

Recent articles