බිත්තර හා කුකුළු මස් මිළ ඉහළට

වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.

බිත්තරයක් රුපියල් 38 සිට 40 දක්වා මිලකට අලෙවි වන අතර කුකුලු මස් කිලෝවක් රුපියල් 1150ත් 1200ත් අතර මිලකට අලෙවි වන බව ඔව්න් සඳහන් කරනවා.

මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 460ත් 480ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

නිශ්පාදකන් සඳහන් කරන්නේ කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර හා කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක ප්‍රකාශ කළේ රුපියල් 65 ට තිබූ කුකු-ලු කෑම කිලෝවක මිල මේ වනවිට රුපියල් 225 දක්වා තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බිත්තරයක නිශ්පාදන මිල රුපියල් 32ත් 33ත් අතර වන බවත් බිත්තරයක ප්‍රවාහන වියදම රුපියල් 3 ක් පමණ වන බවත් ඔහු සඳහන් කර සිටියා.

බිත්තරයක් රුපියල් 50ක් හා කුකුලුමස් කිලෝවක් රුපියල් 1500ක් වනු ඇති බවට පැතිර යන කටකතාවල සත්‍යතාවයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

POPULAR

Recent articles