කොළඹ වාහන තදබදයෙන් රටට අහිමිවන මුදල මිලියන 500 ක්

කොළඹ නගරයේ වාහන තදබදය හේතුවෙන් දෛනිකව රුපියල් මිලියන 400ත් 500ත් අතර මුදලක් රටට අහිමිවන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ග තදබදය හේතුවෙන් සිදු වන ඉන්ධන දහනය හා වැඩකරන ජනතාවගේ ශ්‍රමය මාර්ගවල සිරවීම රටක් වශයෙන් දරාගැනීමට නොහැකි ආර්ථික හානියක් බවයි.

දෛනිකව කොළඹට ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව 904,986 ක් වන අතර එවැනි වාහන සංඛ්‍යාවක් පැමිණියද කොළඹ නගරයට ඇතුළු වූවත් ජනතාව පැමිණෙන්නේ ලක්ෂ 19කට ආසන්න සංඛ්‍යාවක් බව ඔහු කියා සිටිනවා.

මෙම පාඩුව මඟ හරවා ගැනීම සඳහා ජනතාව පොදු ප්‍රවාහන සේවය සඳහා පොළඹවාගත යුතු බවත් ඒ සඳහා අවම වශයෙන් වසර 5 ක් සඳහා නොවෙනස් වන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles