“විදේශ ඇමති කියන්නේ බොරු” – දෙමළ ජාතික සන්ධානය

විදේශ ඇමති ජී. එල්. පීරිස් විසින් ඉන්දියාවේ දී කරන ලද ප්‍රකාශයකට දෙමළ ජාතික සන්ධානය කඩිනම් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය සතියේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ සංචාරය කරන ලද අතර, එහිදී ‘ද හින්දු’ පුවත්පතේ සුහර්ෂිනී හයිදර් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබුණා. මාධ්‍යවේදිනිය එහිදී ඇමතිවරයාගෙන් විමසා තිබුණේ දෙමළ සන්ධානයේ නායකයන් සහ ආණ්ඩුව අතර මීට වසරකට පෙර ආරම්භ කළ සාකච්ඡාවල වර්තමාන තත්ත්වය කෙසේද යන්න සම්බන්ධයෙන්.

ඊට පිළිතුරු ලෙස ඇමතිවරයා පවසා තිබුණේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා අදාළ සාකච්ඡාව ප්‍රමාද වූ බවයි.

මීට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානය සඳහන් කර ඇත්තේ අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවයි. ඇමතිවරයා ඒ බව නොපවසා කොවිඩ් වසංගතය හේතුවක් ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව තම අප්‍රසාදය පළකරන බව ද එම සන්ධානයේ නායකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා

POPULAR

Recent articles