විදෙස්ගතවන පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්

විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙස හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටිනවා.

අප්‍රිකාව, ඉන්දියාව, තායිලන්තය, සුඩානය ඇතුළු රටවල් ගණනාවක මැලේරියා රෝගය පවතින බව වාර්තා වී ඇති බැවින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව එම මූලස්ථානය ප්‍රජා වෛද්‍ය වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය නවීන් ද සොයිසා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා සිරුරට ඇතුල් වූ විට මදුරුවා එම රෝගය ප්‍රචලිත කරන බවයි.

මැලේරියා රෝගය 2016 වන විට මුළුමනින්ම මෙරටින් තුරන් වී තිබූ අතර මේ වසරේ රෝගීන් විසි හත් දෙනෙක් වාර්තා වී ඇත. 1963 දී රෝගීන්ගේ 12ක් වාර්තා වූ අතර 1965 – 67 කාලය තුළ රෝගීන් දහස් ගණනින් වැඩි වුවත් ශ්‍රී ලංකාව මුළුමනින්ම මැලේරියාවෙන් තොර රටක් වූ බවද වෛද්‍ය සොයිසා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles