ගීතාට නැති ගෝටා ට ඇති වරම ගැන මනුෂගේ අදහස !

ගීතාට නැති ගෝටා ට ඇති වරම ගැන මනුෂගේ අදහස !

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ප්‍රධාන දේශපාලන අවියක් බවට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ චෝදනාවයි.

එහිදී මැතිවරණයට ඉදිරිපත් වන මොහොතේ රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වී තිබුණේදැයි යන්න පිළිබඳ දේශපාලන පිටියේ සංවාද විසංවාද ඇති වුණා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතාව මුළා කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසන්නේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ , ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධූරය අහෝසි වීමේ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේද යන්නයි.

ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ පළමු කාර්තුවට ඇතුළත් නොවී මෙම වසරේ පළමු කාර්තුවට ඇතුළත් විම බරපතළ ලෙස ප්‍රශ්න කර සිටින මනුෂ නානායක්කාර මහතා, පසුගිය ජනාධිපතිවරණ සමයේ මේ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඉවතට විසි වූයේද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබූ ලේඛන කිහිපයක් අස්ථානගත වීම හේතුවෙන් බවද කියා සිටියා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles