“විශ්වාසභංගයට පෙර මීළඟ ආණ්ඩුව ගැන එකඟතාවකට පැමිණිය යුතුයි” – ගම්මන්පිල

විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට පෙර මීළඟ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවකට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ රට අරාජික තත්ත්වයකට පත්වන බවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවක මුදල් අමාත්‍යවරයාට එම කටයුතු සිදු කිරීමටද නොහැකි වන බවයි.

සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඊයේ (03) භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

POPULAR

Recent articles