පාර වැහුවොත් අත්අඩංගුවට ගන්න පුළුවන් – ප්‍රතිභා මහානාමහේවා

මාර්ග අවහිර කර විරෝධතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ මං මාවත් අවහිර කිරීම යන වරද යටතේ එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද හැකියාවක් පවතින බවයි මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ.

”1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14/ 1 ඉතාම පැහැදිලිව කියලා තියෙනවා භාෂණයේ නිදහස ප්‍රකාශන නිදහස රැස්වීමේ නිදහස සම්බන්දයෙන්. ඉතාම වැදගත් කාරණය තමයි 14/1 සාමකාමී උද්ඝෝෂණයකට සම්පුර්ණ අයිතිය තියෙනවා රජයක් විසින් එකට පහසුකම් සලසලා දෙන්න ඕනිනේ.

ඒ නිසා රජය විස්වාසවන්ත විදිහට මහජනතාවට ඇත්ත කියන්න ඕනි. එතකොට මහජනතාව දන්නවා ගෑස්, පැට්රල් එන්නේ කවදද කියලා. මෙතනදී මේවා එන දින කියල එන්නේ නැතුව ඉන්න කොට මහජන විරොධයක් දක්වා ගිහිල්ලා මංමාවත් හරස් කරනවා. අන්න එතැනදී මහජනතාවගේ මූලික අයිතියක් කඩවෙනවා මංමාවත් හිරකිරීම, හරස් කිරීම සහ ගමන් කිරීමේ අයිතිය ඇහිරීම, ඒ යටතේ ආරක්ෂක අංශවලට දණ්ඩ නීති සංග්‍රය අනුව අත්අඩංගුවට ගන්න පුළුවන්” යැයි නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

POPULAR

Recent articles