ලොව සිදු වූ දේවල් !

ලොව සිදු වූ දේවල් !

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කරණය සඳහා රොබෝවරුන් යොදා ගැනීමට සැරසෙනවා.
ඒ අනුව මයික්‍රොසොෆ්ට් එම්.එස්.එන් වෙබ් අඩවියේ කොන්ත්‍රාත් මාධ්‍යවේදීන් 50 දෙනෙකුට ලබන මස අවසානය වනවිට රැකියා අහිමිවනු ඇති බව සඳහන්.
මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කළේ නිරන්තර ඇගයීමකට අදාළව මෙම රොබෝවරුන් සේවයට යොදා ගන්නා බවයි.
කෙසේවෙතත් රොබෝවරුන්ට තමන් මෙන් නිසි සංස්කරණ මාර්ගෝපදේශ පිළීපැදීමට හැකියාවක් නොමැති බවයි රැකියා අහිමිවන මයික්‍රොසොෆ්ට් මාධ්‍යවේදීන් පවසන්නේ.

මේ අතර මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවන් සිය රටට ඇතුල් වීම ප්‍රතික්ෂේප කිරිමට කොළොම්බියානු රජය පියවර ගෙන තිබෙනවා.එරට සෙනට් මණ්ඩලය සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවරම් මැඩලිමට යැයි පවසමින් සිය රටට ඇතුල් වී ඇති අමෙරිකානු හමුදාවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමිප සබඳතා පවත්වන බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles