කොළඹට විදුලි බස්

කොළඹ නගරයේ විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඊට අදාල මූලික සාකච්ඡාවක් ඊයේ (22) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පිරිසක් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 03 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙන් කර තිබෙනවා.

POPULAR

Recent articles