හරීන් හා මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අමාත්‍ය ධුර භාර ගත් හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානයක්කාර අද (20) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (20) දහවල් පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගත් පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය පියවර ගන්නා බවයි.

POPULAR

Recent articles