ශ්‍රී ලංකාවේ ධාවන ශුරයෙකු ආසියානු වාර්තාවක් බිඳහෙළයි

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව මීටර් 150 ධාවන ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එහිදී එම ඉසව්ව තත්පර 15.16කින් නිමා කර තිබෙනවා.

මෙම ඉසව්වේ ආසියානු වාර්තාව ලෙස සටහන්ව තිබුණේ තත්පර 15.35ක් ලෙස වන අතර එම වාර්තාව හිමිකරගෙන තිබුණේ ජපාන ධාවන ශූරයෙකු වූ Yoshihide Kiryu විසිනුයි.

POPULAR

Recent articles