“රුසියානු ජනාධිපතිට පිළිකාවක්” – ඇමරිකාව කියයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරනවා.

සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට පවරා ඇතැයි ද ඇමරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

ඇමරිකන් බුද්ධි අංශ උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කර තිබෙනවා. ඇමරිකන් බුද්ධි අංශ මේ බව දැනගෙන ඇත්තේ රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුට ලැබුණු රහස් ටෙලිග්‍රෑම් පණිවුඩයකිනුයි.

POPULAR

Recent articles