බැසිල් හා රනිල් හමුවෙයි

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බවයි පොහොට්ටුවේ මාධ්‍ය මධ්‍යස්ථානය පවසා ඇත්තේ.

බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු සමඟයි මෙලෙස අගමැතිවරයා හමුවීමට ගොස් තිබෙන්නේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂද එක්ව සිටි මෙම සාකච්ඡාවේ දී 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව දීර්ඝ ලෙස සෙවූ බව වාර්තා වෙනවා. අදාළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ 21 වන සංශෝධනය කාගේ අවශ්‍යතාව මත රැගෙන එන එකක්ද කියායි.

පොහොට්ටුවේ අය පවසා ඇත්තේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයාද දැනුවත් නොමැති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ 21 සම්බන්ධයෙන් තමන්ද දැනුවත් නොමැති බවයි. කෙසේවෙතත් 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවක් නොගෙන බැසිල් – රනිල් – විජේදාස සාකච්ජාව අවසන්ව ඇති බවයි අදාළ ආරංචි මාර්ග පවසන්නේ.

මීට පෙර පොහොට්ටුවේ මන්ත්‍රී කණඩායම් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණේ 21වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ තමන්ගේ අවශ්‍යතාව මත තමන්ද දැනුවත්ව බවයි.

POPULAR

Recent articles