විගණන කොමිසම අහෝසි කළේ දුෂණයට, වංචාවට ඉඩ දෙන්නද ?

19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කරනවා. වේයන්ගොඩ නයිවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපති වරයා තවදුරටත් පැවසුවේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවයි. අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද සඳහන් කළා. අද රටෙි පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරණවා.

POPULAR

Recent articles