නව පක්ෂ ලියාපදිංචියට දුන් කාලය අදින් (24) අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ අයදුම්පත් යොමු කිරිමේ කාලය අද (24) දහවල් 12 න් පසුව අවසන් වන බවයි.

ඉදිරිපත් වු සියලුම අයදුම්පත් මැතිවරණ කොමිසම මගින් පත් කරන විශේෂ කමිටුවක් මගින් පරීක්ෂා කිරිමට නියමිතව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

එලෙස පරීක්ෂා කරන ලද අයදුම්පත් අතරින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්පත් හිමි දේශපාලන පක්ෂ විශේෂ සම්මුඛ පරික්ෂණයකට යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 24 වනදා සිටයි.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

කෙසේ වුවද පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් ලියාපදිංචිය සඳහා අවසර හිමිවුණේ දේශපාලන පක්ෂ 3 ක් සඳහා පමණයි.

එලෙස අවසර හිමිවූයේ තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය හා දමිල ප්‍රගතශීලී සන්ධානය යන දේශපාලන පක්ෂ සඳහායි.

POPULAR

Recent articles