”ක්‍රිකට් තරමටම අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කරන්න” – දසුන් ශානක

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අපරාජිතව ජයග්‍රහණය කළ පසු කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ ක්‍රිකට් තරමටම මේ රටේ අනෙකුත් ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවයි. තමන් කණ්ඩායමක් ලෙස ලෝක කුසලාන තරගාවලියත් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව පවසන දසුන් ශානක ඒ සඳහා ලබාගත් මෙම ජයග්‍රහණය වැදගත් බව පවසනවා.

“ලෝක කුසලානේ තියෙන්නේ වෙනම කන්ඩිෂන්වල. ඒ කන්ඩිෂන්වලට කොලිෆයිඩ් ගහන එක වාසියක්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඒ තරගාවලියත් හොඳින් කරලා ජයග්‍රහණය කරන්න. අපිට ඒ පොටෙන්ෂල් එක තියෙන කණ්ඩායමක් ඉන්නවා. අපිට ඇත්තටම අනෙක් ප්‍රශ්න ගැන කිව්වොත් ඒවා සාමාන්‍ය දේවල්. ක්‍රීඩකයෝ හොඳට කරද්දි හැමෝම හොඳ කියනවා. වැරදියට කරද්දි අපි ක්‍රීඩකයෝ විදියට ඒවා පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. ඒක සාමාන්‍යයි.

මම කියන්නේ අපිට පුළුවන් තරම් සපෝට් කරන්න. අපි කණ්ඩායමක් විදියට පෙන්නලා තියෙනවා ගිය අවුරුද්දේ ලංකාවේ තිබ්බ ඒවත් ඔක්කෝම ජයග්‍රහණය කරලා.. ඒක හොඳ ෂයින් එකක්. දෝෂාරෝපණය කරන්න ඕනේ නම් දින්නත් පැරදුනත් ඒක කරන්න පුළුවන්. අපි ක්‍රීඩකයෝ විදියට එකතුවෙලා ඉන්නවා. අපි අපේ ක්‍රීඩකයින්ව බැක් කරනවා. ඒ විශ්වාසය තියෙනවා. ලේසි වෙන්නේ නෑ ඒ විශ්වාසය නැති කරන්න.

මට තියෙන ප්‍රශ්නේ ක්‍රිකට් ගැනම හැමදාම මීඩියා කතා කරනවා. කෝ අනික් දේවල්. ඒවා ගැන කවදාවත් කථා කරන්නේ නෑ. මාර විදියට ලොකුවට ක්‍රිකට් ගැන කියනවා. ඒ දේවල් ගැන කතා කරලා අනෙක් ක්‍රිඩාත් උඩට ගන්නවා නම් ලොකු දෙයක්” යයි ජයග්‍රාහී කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරනවා.

POPULAR

Recent articles