“රුසියාවට එරෙහිව වීථි බසින්න” – යුක්රේනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කර අද (24) ට මාසයක කාලයක් සම්පූර්ණ වනවා.

ඒ අනුව මේවනවිටත් යුක්රේනයේ නගර රැසක ගැටුම් ක්‍රියාත්මක වන අතර රුසියානු හමුදාව විසින් යුක්රේනය ඉලක්ක කර අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන අතර යුක්රේනය ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ආක්‍රමණය ආරම්භ කළ දින සිටම රුසියාවේ අපේක්ෂාව වූයේ යුක්රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීමයි.

එහෙත් යුක්රේනයෙන් එල්ල වුණු අනපේක්ෂිත ප්‍රහාරයන් හමුවේ කිව් අගනුවර අල්ලා ගැනීමට රුසියානු හමුදාවට මෙතෙක් හැකි වී නැහැ. විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්රේනය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවට කිව් අගනුවරින් පසුබැසීමට සිදුවී ඇති බවයි.

මේ අතර රුසියාවට එරෙහිව පෙළගැසෙන්නැයි යුක්රේනය ලොව සියලු වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණයට එරෙහිව ලෝකවාසීන් සියලුදෙනා වීථි බැසිය යුතු බවයි.

ඉංග්‍රීසි බසින් ලෝක ප්‍රජාව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීම් කර ඇත්තේ යුක්රේනයට සහය විමට හා නිදහසට සහය ලබාදීම සඳහා යුක්රේනයේ සංකේතයක් ද රැගෙන සමායේ නාමය වෙනුවෙන් පෙළගැසෙන ලෙසයි.

POPULAR

Recent articles