“ලෝක වෙළෙඳපොළේ උද්ගතව තිබෙන තත්ත්වය පාලනය කරන්න රජයට බැහැ” – ගාමිණී ලොකුගේ

මේ වන විටත් පවතින ඉන්ධන සහ ගෑස් පෝලිම් මගහරවා ගැනීමට අඩුම ගානේ තවත් මාස හතක කාලයක් අවශ්‍ය වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු කියන්නේ ලෝක වෙළෙඳපොළේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට රජයට නොහැකි බවයි. ලෝක වෙළෙඳපොළ ආර්ථිකය කඩාවැටීමත් සමඟ රටට ඩොලර් ගෙන ඒමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

සංචාරක ක්ෂේත්‍රය සහ අපනයනය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles