රෝහල්වල ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙයි

අපද්‍රව්‍ය ඉවත් කිරීමෙ සමාගම්වලට ගෙවීමට ඇති හිග මුදල හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

රෝගීන්ගේ අසාධිත අපද්‍රව්‍ය ඉවත් කිරීම පෞද්ගලික අංශයේ සමාගමකට පවරා ඇති අතර, ආසාධිත අපද්‍රව්‍ය කිලෝවක් ඉවත් කිරීම සදහා රුපියල් සියයක පමණ මුදලක් ගෙවණු ලබනවා. මෙම මුදල තීරණය කර ඇත්‍තේ 2017 වර්ෂයේ එවකට ඩීසල් ලීටරයක් රුපියල් 85ක මුදලකට ලබා ගත හැකි පසුබිමකයි.

විදුලිය ජලය ආදී සියළු යෙදවුම් මිල වැඩිවී ඇති බැවින්, එකගවූ මිල වැඩිකර දෙන ලෙස අදාළ සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්වුණා.

කෙසේ වෙතත් රෝහල් මට්ටමින් එම අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම හැරුණුකොට, වෙනත් කිසිදු විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. අසාධිත අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම සහ එම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා, පරපෝෂිත ආසාදනය, පෙනහළු ආසාදනය වැනි රෝග තත්වයන් ඇතිවිය හැකි අතර, අනවශ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.

POPULAR

Recent articles