බන්දුල ගුණවර්ධන ආර්ථික වංගුවක් ගැහුවද ?

බන්දුල ගුණවර්ධන ආර්ථික වංගුවක් ගැහුවද ?

පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලතල ජනාධිපතිවරයා අත්පත් කරගනිමින් සිටීම සාධාරණිකරණය කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව දරමින් සිටින ප්‍රයත්නය තවදුරටත් හෙළිදරව් වෙමින් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 9 වන දා පැවතී මාධ්‍ය හමුවක දී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අනාවරණය කරන ලද 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත යටතේ ජනාධිපතිවරයාගේ බලතල යොදවා රුපියල් කොටි එක්ලක්ෂ විස්දෙදහස් නවසියයක අතුරු සම්ම්මත ගිණුමකින් රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර ගත බව කීම සම්පුර්ණයෙන් ජනතාව නොමග යවන ප්‍රකාශයක් බව තහවුරු වී තිබේ. එම පනතට අනුව ආණ්ඩුවේ වියදම් සඳහා මුදල් වෙන්කරගත හැක්කේ පෙර වර්ෂයේ සම්මත කරගන්නා ලද විසර්ජන පනතේ සඳහන් මුළු ණය ගැනීමේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් නොඉක්මවන මුදලක් ය.

දෙදහස් දහනමයේ ඔක්තෝම්බර් විසි තුන්වන දින සම්මත කරන ලද විසර්ජන පනත අනුව ලබා ගත හැකි නය ප්‍රමාණය රුපියල් කොටි හත්තෑ දෙදහස් එකසියයක් වේ. ණය විශේෂ විධිවිධාන පනත අනුව ගත් කළ වෙන් කරගත හැකි මුදල වනුයේ රුපියල් කෝටි හැත්තෑ දෙදහස් එකසියයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් ය. එනම් රුපියල් කෝටි දහ අට දහස් විසිපහක් ය. එහෙත් මාර්තු හය වන දින වෙන් කරගෙන තිබෙන රජයේ වැය ශීර්ෂය රුපියල් කොටි එක්ලක්ෂ විසි දෙදහස් නවසියයක් වන විට රජයේ ආදායම රුපියල් කොටි හතලිස් දෙදහසක් බව දැක්වේ. මේ අනුව ලබාගත යුතු ණය ප්‍රමාණය රුපියල් කොටි අසු දහස් නවසියයක් වේ .

බන්දුල ගුණවර්ධන ඇමති වරයාගේ තර්කයට අනුව සලකා බලන කල පසුගිය වර්ෂයේ ඔක්තෝබර් විසි තුන්වන දින සම්මත කරගෙන තිබෙන විසර්ජන පනතේ උපරිම ණය සිමාව වූ රුපියල් කෝටි හැත්තෑ දෙදහස් එකසියයක ප්‍රමාණය ද ඉක්මවා මාස තුනක් වෙනුවෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව තහවුරු වේ.

මිට අමතරව ආණ්ඩුවේ නියෝජිතයින් ප්‍රකාශ කරන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවසතවේ එකසිය පනහ තුන [150 ( 3 ) ] ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ බලතල යටතේ රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර ගැනීම ද එහි හතරවන ව්‍යවස්ථාව අනුව කඩකර ඇති බව තහවුරු වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය එකසිය පනහ තුනසහ එකසිය පනහ හතර ව්‍යවස්ථා දෙකම එකට ගෙන අර්ථකථනය කර තිබේ. එකසිය පනහ හතර වන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ ” මැතිවරණ කොමසාරිස් වරයා විමසා රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය ” යනුවෙනි. මේ අනුව පවත්නා තත්වය තුළ මෙය ද උල්ලංඝනය කර ඇති බව පැහැදිලිය.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles