”උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකියි” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට 70% දක්වා ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාද්‍ය හමුකදී යි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් ලෙස දැක්වෙනවා.

මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බවයි.

POPULAR

Recent articles