වැඩිපුර මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්

සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් අද (08) දිනයේ ධාවනයට එක්කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් රථ 6,000 – 7,000 ත් අතර සංඛ්‍යාවක් ධාවනය කිරීමට පියවර ගත් බවයි.

මේ අතර බස් රථවලින් සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් අය කරනවාද යන්න පිළිබඳ පරික්ෂාවට, ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසා සිටිනවා.

POPULAR

Recent articles