“බැසිල් රාජපක්ෂ කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක්” – මහින්ද පතිරණ

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යනු හරියට ‘කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක්’ යයි ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ආචාර්ය මහින්ද පතිරණ පවසනවා.

එකල කාවන්තිස්ස රජු සිදු කළා මෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේ මොහොත වනවිට නිර්මාණය කරමින් සිටින බවයි ඔහු කියන්නේ.

පෞද්ගලික මාධ්‍ය ජාලයක් විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මෛත්‍රීල සිරිසේන එකතු කරගෙන ආණ්ඩුවට විරුද්ධව දේශපාලන බලවේගයක් ගොඩ නගමින් සිටින බවට පුවත්පත් මණ්ඩල සභාපතිවරයා චෝදනා කරනවා.

මේ රටේ මීළඟ නායකයා වන්නේ බැසිල් රාජපක්‍ෂ බවත් ඔහු එහිදී පවසා සිටිනවා.

POPULAR

Recent articles