“අපි මේ රට බේර ගන්නවා” – අතුරලියේ රතන හිමි

ආණ්ඩුවේ ඉහළ පරිපාලනය විසින් මෙරට බලශක්ති සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීමට කටයුතු කර ඇති බව අතුරලියේ රතන හිමි කියනවා.

ඊට කැබිනට් අනුමැතිය ලද බවට පැවසුවද කැබිනට් ඇමතිවරුන් ඒ පිළිබඳව නොදත් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ඔවුන්ට සිදුවූ බවත් කැබිනට් තීරණ අභියෝගයට ලක් කිරීමට කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවූ එකම රට මෙය බව උන්වහන්සේ පවසනවා.

“ඒගොල්ලො ඇමරිකාවෙ පුරවැසියො වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ලොකු හයියක් තියෙන්න පුළුවන්. ගිණුම් වල අරමුදල් තියෙන්න පුළුවන්. නමුත් රටේ අනාගතය තීරණය කරන්නේ ජනතාවගේ හෘද සාක්ෂියෙන් මිසක් හොර ගිවිසුම් හරහා නෙවෙයි.

අපි මේ රට බේර ගන්නවා. එයාලා බස් දාලා සල්ලි දාලා සෙනඟ ඉන්නවා කියලා හිතන් ඉන්නවා නම් අපි කියන්න කැමතියි ඒක කරන්න බැරි බව. අමාත්‍යංශ වල එක එක කොටස් එක එක ඇමතිවරුන්ට. මෙහෙම ඇමතිකම් කරන්න පුළුවන් ද. තෙල් ගේන්න සල්ලි නෑ. පොහොර ගැටළුවට මුහුණ නොදී ඒක ලොකු අර්බුදයක් කළා” යි රතන හිමි පවසනවා.

POPULAR

Recent articles