සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ඇමරිකාවේ සහාය

සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමකාමී විරෝධතාවක නියැලීමට සියලුදෙනාට නිදහස තිබිය යුතු බවයි.

එය ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් බවත් එවන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුනොකළ යුතු බවත් අමෙරිකානු තානාපතිවරිය සිය Twitter පණිවුඩය මඟින් අවධාරණය කර තිබෙනවා.

POPULAR

Recent articles